පේරාදෙණිය සරසවිය යළිත් අංක එකේ සරසවිය බවට පත් වේ

පේරාදෙණිය සරසවිය යළිත් අංක එකේ සරසවිය බවට පත් වේ

ලෝකයේ උසස් අධ්‍යාපනය ලැබීමට සුදුසුම විශ්වවිද්‍යාලය කුමක්ද යන්න පිළිබඳව ලෝක උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීම් මගින් වාර්ෂිකව එළි දැක්වීම් සිදු කරනු ලබනවා.

ඉන් එක් ප‍්‍රධාන ලෝක විශ්වවිද්‍යාල වර්ගීකරණයක් වන්නේ (World University Rankings) ටයිම්ස් ලෝක උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීමයි (Times Higher Education ranking) ලෝක උසස් අධ්‍යාපන ආයතන ශ්‍රේණිගත කිරීම් මගින් අධ්‍යාපන ක්ෂෙත‍්‍රයේ නියැලෙන්නන්හට ලෝකයේ උසස් අධ්‍යාපන ආයතන වල විවිධ මෙහෙවරන් හා සාර්ථකත්වයන් පිළිබඳ නිසි අවබෝධයක් ලබා දීම සිදුකරන අතර ටයිම්ස් ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් මගින් විශ්වවිද්‍යාල ක‍්‍රියාකාරකම්වල ප‍්‍රධාන අංශ තුනක් ආවරණය කරනු ලබයි.

එනම්, පර්යේෂණ, බලපෑම සහ ඉගැන්වීම් එම අංශ තුන වේ.

ඒ අනුව 2023 ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය තුළ ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 6ක් ශ්‍රේණිගත කර ඇති අතර ඉන් ශ‍්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත විශ්වවිද්‍යාලය බවට පත්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි.

එය අංක 500 -600 ත් අතර ශ්‍රේණිගත කර ඇත.

ඒ අනුව ටයිම්ස් ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය බවට පේරාදෙණිය බවට පත්ව ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ‍්‍රී ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය බවට පත්ව ඇත්තේ සිව්වන වරට වීම විශේෂත්වයකි.

https://tinyurl.com/9fyuxm6m