ගොවීන්ට පතරොම් තුවක්කු

ගොවීන්ට පතරොම් තුවක්කු

වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

ජාතික ගොවිජන බලමණ්ඩලය සමග අද (15) පැවැති සාකච්ඡාවේදී ගොවිජන නියෝජිතයින් කළ ඉල්ලීමක් අනුව අමාත්‍යවරයා එම තීරණය ගෙන ඇති බව සඳහන්.

වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීම සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.