සබරගමුවේ නව ආණ්ඩුකාරවරයා තම වැටුප පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට ලබා දෙයි

සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් වු නවීන් දිසානායක මහතා රාජකාරී ආරම්භ කරමින් පළමු කාර්ය ලෙස සිය මාසික වැටුප පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යොදවන බව සඳහන් කළා.
නව ආණ්ඩුකාරවරයා රත්නපුර ඓතිහාසික සුමන සමන් දේවාලයට ගොස් ආශිර්වාද ලබා ගත්තා.
වැටුප පරිත්‍යාග කිරීමට අදාළ ලිපිය පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත ලබාදුන්නා.
අනතුරුව නිලධාරීන් හා සේවකයින් ඇමතු ආණ්ඩුකාරවරයා කියා සිටියේ සබරගමුව පළාතේ අධ්‍යාපන, මාර්ග, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක දියුණුව වෙනුවෙන් පියවර ගන්නා බවයි.
මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

