බිත්තර ගැටළුවට විසඳුමක්

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ සංකල්පයක් අනුව ලංකාව මුහුණ දී සිටින බිත්තර සම්බන්ධ ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස කුකුළු පැටවුන් ලක්ෂයක් රට පුරා බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති එම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේදී කුඩා හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ට කුකුළු පැටවුන් 2,300 ක් එහිදී බෙදා දී තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.
මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ඉදිරි මාස 4ක කාලය තුළ සමස්ත පාරිභෝගික ජනතාව වෙත ලැබෙනු ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු එහිදී සඳහන් කර තිබෙනවා.

