ටයිටන් සබ්මැරීනය සතු ඔක්සිජන් සංචිතය අවසන් වෙයි

ටයිටන් සබ්මැරීනය සතු ඔක්සිජන් සංචිතය අවසන් වෙයි

අත්ලාන්තික් සාගර පතුලේ පිහිටි ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය සොයා ගැනීමට තවමත් මෙහෙයුම් කණ්ඩායම්වලට හැකි වී නැහැ.

පස් දෙනෙකු සමගින් අතුරුදන් වූ එම සබ්මැරීනය සතුව ඔක්සිජන් වායුව මේ වන විට අවසන්වී ඇති බව වෙරළාරක්ෂක බලකාය නිවේදනය කරනවා.

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට බ්‍රිතාන්‍යයේ හා පාකිස්ථානයේ ප්‍රකෝටිපතියන් තිදෙනෙකුද සහිතව ඕශන් ගේට් සමාගමේ ටයිටන් සබ්මැරීනය සාගර පත්ලේ ගවේෂණය ඇරඹුවේ පසුගිය ඉරිදායි.

ඔවුන්ගේ අපේක්ෂාව වී තිබුණේ එදිනම පස්වරුවේ යළි පැමිණීමටයි.

නමුත් එම සබ්මැරීනය කිසිවෙකුත් නොසිතූ ලෙස සාගර පත්ලේ අතුරුදන් වුණා.

ඒ අනුව සබ්මැරීනය සොයා අත්ලාන්තික් සාගරයේ තවමත් මෙහෙයුම් සිදුකෙරෙන්නේ ලොව සුපතල සෝනා තාක්ශනය ද භාවිතයෙන්.

සාගර පත්ලේ මෙවැනි ශබ්ධ තරංග ග්‍රහනය කර ගැනීමටද මේ වන විට හැකිව තිබෙනවා.

කිසියම් වස්තුවට තදින් පහර දෙන හඩක් තප්පර කිහිපයක විරාම සහිතව එම ශබ්ද තරංගවල අන්තර්ගතයි.

කෙසේ වෙතත් එම ශබ්ද තරංග වල මූලාශ්‍රය නිකුත් වන්නේ ටයිටන් සබ්මැරීනයෙන් බවට මෙතෙක් තහවුරු කර නැහැ.

නමුත් මෙම ටයිටන් සබ්මැරීනය ටයිටැනික් සුන් බුන් නැරඹීම සදහා සාගරයේ මීටර් 3000ක් තරම් පතුලට ගමන් කිරීමටයි කටයුතු කළේ.

හිරු රශ්මිය පවා නොලැබෙන මෙම අදුරු සාගරය තුල, දෑස් නොපෙනෙන ජීවින් දහස් ගණනක් ද රැදී සිටින අතර ඇතම් ජීවී විශේෂ මෙතෙක් හදුනා ගෙන ද නැහැ.

එවන් පසුබිම්ක මෙම සබ්මැරීනය ගැඹුරු සාගරයේදී පුපුරා ගොස් අනතුරට ලක් වූවාදැයි සැකයක් මේ වන විට පවතිනවා.

ඕශන් ගේට් සමාගමේ ප්‍රධානියාද වන ස්ටොක්ටන් රශ් සහ ප්‍රංශ ජාතික පෝල් හෙන්රි මෙම සබ්මැරීනය ක්‍රියාකරවා තිබුනා, ස්ටොක්ටන් රශ් අමෙරිකාවේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ අභ්‍යාවකාශ ඉන්ජිනේරු තාක්ශනය පිළිබදව උපාධිදාරියෙක්.

සබ්මැරීනයේ සංචාරකයින් ලෙස ගමන්ගත් පිරිස අතර ඇක්ෂන් ඒවියේෂන් නමැති ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වන 58 හැවිරිදි බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති ව්‍යාපාරික හමිෂ් හාඩින්, පාකිස්තානයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ෂසඩා ඩාවුඩ් සහ ඔහුගේ පුත් 19 හැවිරිදි සුලේමාන් ඩාවුඩ් ද සිටිනවා.

කෙසේ වෙතත් පස් දෙනෙකු සමගින් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය මුදාගැනීමේ මෙහෙයුම් සඳහා “ද වික්ටර් සික්ස් තවුසන්ඩ්” නම් ප්‍රංශ පර්යේෂණ සබ්මැරීනයද අද (22) එක්වුණා.

https://tinyurl.com/2p9sfj6p