රට මුහුණ දී සිටින ණය අර්බුදය විසඳීමට පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් මහතා සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.
එමෙන්ම පාර්ලිමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, රට වර්තමානයේ මුහුණ දෙමින් තිබෙන ණය අර්බුදය විසඳීම සඳහා පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙළක් සකස් කරන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ.
මීට අමතරව ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමුඛතාවයක් වන අතර වැදගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමට තම මූලික අවධානය යොමුව ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

