දේශබන්දු ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන සඳුදාට කල් තැබේ

දේශබන්දු ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන සඳුදාට කල් තැබේ

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන සඳුදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

ඒ අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේදී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

එම සිදුවීමට ඔහුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම රිට් පෙත්සම ගොනුකර තිබෙනවා.

අද එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබු අතර එම තීන්දුව ප්‍රකාශ කිරීම ලබන සඳුදා සිදුකරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කියා සිටියා.

COMMENTS