දේශබන්දුට එරෙහි සිතාසිය අභියාචනාධිකරණය බලරහිත කෙරේ

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවී එහි තිබූ රුපියල් එක්කෝටි 78 ලක්ෂයකට අධික මුදලක් සොයාගැනීමේ සිද්ධියට සැකකරුවෙකු ලෙස පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත නිකුත් කළ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය අද (26) රිට් ආඥාවක් නිකුත් කළා.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ලබාදෙමින්.
එමෙන්ම පසුගිය වසරේ මැයි 9 වැනිදා ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව සැකකරුවෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා නිකුත් කළ ලිපියක් ද බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළා.

