සිනමාව සහ පුංචි තිරය වර්ණවත් කළ සුමින්ද සිරිසේනගේ උපන්දිනය අද

සිනමාව සහ පුංචි තිරය වර්ණවත් කළ සුමින්ද සිරිසේනගේ උපන්දිනය අද

වේදිකාවේත්, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය මෙන් ම සිනමාවේත් එකලෙස දක්ෂතාවයන් පෙන්නු සම්මානනීය අග්‍රගන්‍ය කලාකරුවකු වන සුමින්ද සිරිසේන මහතාගේ උපන්දිනය අදට (04) යෙදී තිබෙනවා.

වේදිකාවෙන් සිය රංගනය ආරම්භ කළ සුමින්ද සිරිසේනයන් මනමේ, සිංහබාහු, මහාසාර ආදී වේදිකා නාට්‍ය ගණනාවකට සිය දායකත්වය සැපයුවා.

ඕනෑම චරිතයකට පණ පෙවීමේ හැකියාව ඇති මේ ප්‍රතිභා පූර්ණ කලාකරුවා සහභාගී වී ඇති ටෙලි නාට්‍ය සංඛ්‍යාව 40 කට අධිකයි.

දුහුල් මලක්, සප්ත කන්‍යා, සමනල තටු සුමින්ද සිරිසේනයන්ගේ රංගනයෙන් වර්ණවත් වූ සිනමා කෘති කිහිපයක්.

අග්‍රගන්‍ය රංගන ප්‍රතිභාව නිසාම හොදම නළුවා සහ හොදම සහය නළුවාට හිමි සම්මානය අවස්ථා රැසකදී තමන් සතු කර ගැනීමට ඔහු සමත්වුණා.

කෙසේ වෙතත්, එම සම්මානනීය රංගන ශිල්පියා මේ වනවිට අසනීප තත්ත්වයක් නිසා වසර කිහිපයක් තම රසික රසිකාවියන්ගෙන් ඈත් වීමට ද ඔහුට සිදුව තිබෙනවා.

අද දින තම 75 වන ජන්ම දිනය සමරන සුමින්ද සිරිසේනයන්ට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් My newslanka අපි ප්‍රාර්ථනා කරමු.