සිමෙන්ති මිල අඩු කරන ලෙස ඉල්ලීමක්

සිමෙන්ති මිල අඩු කරන ලෙස ඉල්ලීමක්

කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් දෙදහසකට අඩු මුදලකට ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමේ සභාපති සුසන්ත ලියනාරච්චි අද (05) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

මේ අතර කොත්තු සහ රයිස් මිල අද (05) සිට 10%කින් අඩුකළත් කිරි තේ සහ තේ කෝප්පයක මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ.

කෙසේ වෙතත් “ගෘහණියෝ අපි සංවිධානය” අද (05) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු උදේශි ගුණරත්න කියා සිටියේ ආහාර මිල අඩු කිරීමට රජය මැදිහත් විය යුතු බවයි.

COMMENTS