නුගේගොඩ විදුලි රැහැන් භූගත කිරීම ඇරඹේ

නුගේගොඩ විදුලි රැහැන් භූගත කිරීම ඇරඹේ

නුගේගොඩ නගර මධ්‍ය විදුලි පද්ධතිය භූගත කර පද්ධතියට සම්බන්ධ කිරීම ඊයේ (7) සිදු කරනු ලැබුවා.

ඒ, නාගරික සංවර්ධනයට සහ විදුලි පද්ධතියේ අඛණ්ඩ සැපයුමට බාධාවක් බවට පත්ව ඇති නාගරික විදුලි රැහැන් පද්ධතිය භූගත කිරීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ලෙසයි.

එම ව්‍යාපෘතිය යටතේ නුගේගොඩ නගර මධ්‍යයේ තිබූ විදුලි කණු සහ විදුලි රැහැන් පද්ධතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන අතර එමඟින් නගර අලංකරණය තව දුරටත් ඉහළ යනු ලබනවා.

එමෙන්ම නුගේගොඩ නගරයේ ඉදිකිරීම් හා රුක්රෝපණ ක්‍රියාකාරකම් සදහා තිබූ බාධාවන් බොහොමයක්ම ඉවත්වනු ඇති අතර විදුලි කණු හේතුවෙන් පැවැති බාධාවන්, අවහිරවීම් හා රථවාහන අනතුරු අවම වනවා.

මේ අතර භූගත විදුලි පද්ධතිය හේතුවෙන් විදුලිය බිදවැටීම් ඉතාම අවම වන අතර නඩත්තු කටයුතු ද අවමවීම හේතුවෙන් ‘ලෙකෝ’ සමාගමට වාර්ෂිකව විශාල මුදලක් ඉතිරිකර ගැනීමටද හැකියාව ලැබෙනවා.

COMMENTS