කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා ආයෝජන විධිමත් කිරීම සහ රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කර ඇති රෙගුලාසි වලට අනුව එහි ආයේජකයන්ට බදු සහන ලබා දීමට නියමිතයි.
එමෙන්ම ව්‍යාපෘතිය තුළ රුපියල් වලින් ගනුදෙනු කිරීමේ හැකියාවද පවතිනවා.
එමෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක් ද ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව ඛනිජ තෙල් ආනයනය, අපනයනය, මෙරට තුළ අලෙවි කිරීම හෝ බෙදාහැරීම සඳහා අයදුම්කරුවෙකු ඉදිරිපත් වන්නේ නම් සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතු බවයි එහි දැක්වෙන්නේ.

