පාස්කු වින්දිතයන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට ලබාදී තිබු කාලය අදින් අවසන්

පාස්කු වින්දිතයන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට ලබාදී තිබු කාලය අදින් අවසන්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට පාස්කු වින්දිතයන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට ලබාදී තිබු කාලය අද (12) අවසන්වීමට නියමිතය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමෙන් අනතුරුව මෙම වන්දි මුදල් ගෙවීමට නියෝග කෙරුණි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඔහුට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100 න් අද වන විටත් ගෙවා තිබුණේ රුපියල් මිලියන 15 ක් පමණි.

හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ගෙවීමට නියම වූ සමස්ත වන්දි මුදල රුපියල් මිලියන 311 ක් වන අතර ඉන් මේ වනවිට හානි පූර්ණ කාර්යාලයට ලැබී ඇත්තේ රුපියල් මිලියන 28 ක් පමණි.

COMMENTS