නදීශා සහ ගයන්තිකාගෙන් ලෝකඩ පදක්කම්

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු මළල ක්රීඩා තරඟවලියේ පළමු දිනය වූ අද පැවති තරඟවලින් ශ්රී ලංකාවට ලෝකඩ පදක්කමක් දෙකක් දිනා දීමට නදීශා ලේකම්ගේ සහ ගයන්තිකා අබේරත්න සමත් වුණා.
මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේදී ගයන්තිකා අබේරත්න විනාඩි 04 යි තත්පර 14 යි දශම 3 යි 9 කාලයක් වාර්තා කරමිනුයි මෙම පදක්කම හිමිකර ගනු ලැබුවේ. එහි රන් සහ රිදී පදක්කම් හිමිවූයේ ජපානයටයි.
හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේදී නදීශා ලේකම්ගේ මීටර් 60 යි දශම 09 යි 03 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගද්දී එහි රන් සහ රිදී පදක්කම් හිමිවුණේ ජපානය සහ චීනයටයි.
නදීශා ලේකම්ගේ දැක්වූ මෙම දක්ෂතාව නව ශ්රී ලංකා වාර්තාවක්ද වනවා.
මේ අතර මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට තරඟ කළ ශ්රී ලංකාවේ අරුණ දර්ශන සහ රජිත රාජකරුණා හෙට දිනයේ පැවැත්වෙන අවසන් තරඟය සඳහා අද සුදුසුකම් ලබාගත්තා.

