දේවගැති ජෙරම්ගේ දිනක අදායම රුපියල් කෝටියක්

බුදුන් වහන්සේට අපහාස කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට නියමිත දේවගැති ජෙරම් ප්‍රනාන්දු සූම් තාක්ෂණය ඔස්සේ සිකුරදා දිනවල පවත්වන එක් දේවමෙහෙයකදී රුපියල් කෝටියකට අධික ආදායමක් උපයා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබෙනවා.
මේ අතර දේවගැතිවරයා දේවමෙහෙයන් සිදුකරන මිරකල් ඩෝම් ශාලාව ඉදිකර ඇති ඉඩම ව්‍යාපාරිකයෙකු විසින් නොමිලේ ලබා දී ඇති බවට අනාවරණ වී ඇති අතර අදාළ ව්‍යාපාරිකයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මිරකල් ඩෝම් ශාලාව ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 253ක මුදලක් වියදම් වී ඇති බවට අනාවරණ වි ඇති අතර ඒ සඳහා දේවගැතිවරයාගේ අනුගාමිකයින් 13,000ක් මුදල් ලබා දී ඇති බවත් ඒ සඳහා සෑම පුද්ගලයෙකුටම රිසිට් පතක්ද නිකුත් කර ඇති බවත් අනාවරණ වී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

