“රා” සඳහා අලුත් බද්දක්

නීත්‍යානූකූල බදු ගෙවන්නන් මත නව බදු පැණවීමට අපේක්ෂා නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සදහා උපායමාර්ග සෙවීමට ඔහුගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටු වාර්තාව පෙරේදා (12) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබුවා.
එම වාර්තාවේ දැක්වෙන කරුණු පිළිබඳව ඊයේ (13) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී වැඩි අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ රා තොග සැපයීමේ දී ලීටරයකට රුපියල් 10ක නව සුරා බද්දක් ද පැනවීමට නියමිත බවයි.
එසේම බදු පදනම තවදුරටත් පුළුල් කිරීමට එමගින් යෝජනා කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

