ජල සහ මලාපවාහන ගාස්තු සංශෝධනය කෙරේ

ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන අඩු ආදායම්ලාභී කාණ්ඩයන්ට සහ අධ්‍යාපනික, ආගමික හා පොදු ජල සැපයුම් ආශ්‍රිතව ලබා දී ඇති සමාජ ආරක්ෂණ පදනමට අවම බලපෑමක් වන පරිදි ජල සහ මලාපවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා.
ඒ, ආරක්ෂිත ජලය හා සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කිරීම, සේවයේ ගුණත්මිකභාවය වැඩි දියුණු කිරිම සහ තිරසර ජල සම්පත් භාවිතයන් ක්‍රියාත්මක කිරීම ආදී අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි ජාතික ජල සම්පාදක හා මලාපවාහන මණ්ඩලයේ මූල්‍ය ශක්‍යතාව සහ තිරසරභාවය තහවුරු කර ගත යුතු බැවින්.

