ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් පූර්ව වටයට

ආසියානු කුසලාන නැගී එන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕමාන ඒ කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 217ක දැවැන්ත ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට හැකියාව ලැබුණා.
ඒ මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගනිමින්.
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා ගත් ඕමාන ඒ කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 50 නිමා කලේ කඩුලු 8ක් දැවී ලකුණු 259ක ලකුණු පුවරුවක් නිර්මාණය කරමින්.
පසිඳු සූරියබණ්ඩාර ලකුණු 60යි.
පන්දු යැවීමේදී අකිබ් ඉලියාස් ලකුණු 58කට කඩුලු 4ක් බිඳ දැමුවා.
ජයග්‍රහණය සදහා ලකුණු 260ක ඉලක්කයක් හඹා ගිය ඕමාන ඒ කණ්ඩායමට පන්දුවාර 17යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 42ක් පමණයි.
පන්දු යැවීමේදී චාමික කරුණාරත්න කඩුලු 3ක් බිද දමද්දී , දුනිත් වෙල්ලාලගේ,ප්‍රමෝද් මධුෂාන් සහ ලහිරු සමරකෝන් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා.
තරගයේ වීරයා පසිඳු සූරියබණ්ඩාර.

