Update:- ළමා රෝහලේ වර්ජනය අවසන්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
චෝදනා එල්ල වුණු විශේෂඥ වෛද්‍යවරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ඉල්ලීම් ඉටුකරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව ලබාදුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා තවදුරටත් සඳහන් කළේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මෙලෙස වර්ජනයක් ආරම්භ කෙරුණේ ඉතිහාසයේ පළමු වතාවට බවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය තුළ අද (19) පෙරවරු 08 සිට වැඩවර්ජනය ආරම්භ කර තිබුණි.
රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.
වර්ජනය පැය 24 ක් දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබූ අතර හදිසි ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

