සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා ඉල්ලා අස්වෙයි

සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා ඉල්ලා අස්වෙයි

සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊයේ (18) දිනයේ මෙම අස්වීම ඉදිරිපත් කර ඇති අතර එයට හේතු වී ඇත්තේ ඔහු පැවැත්වූ අයථා සබඳතාවයක් පිළිබඳ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමයි.

සිංගප්පූරු පාලක පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක් වන නිකොල් සේ සමඟ ලියෝන් පෙරේරා මෙම අනියම් සබඳතාවය පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.

මේ දෙදෙනා සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමත් සමඟ දෙදෙනාම වරද පිළිගෙන ඇති බවයි වාර්තා වෙන්නේ,

පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා සිය මන්ත්‍රී ධුරයෙන් සහ නිකොල් සේ පක්ෂ සමාජිකත්වයෙනුත් ඉල්ලා අස් වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

https://tinyurl.com/96b52dp7

COMMENTS