පළමු ටෙස්ට් ජය පාකිස්ථානයට

ශ්රී ලංකාව සමඟ ගාල්ල ක්රිකට් ක්රීඩාංගනයේදි පැවැති පළමු ටෙස්ට් තරඟය පාකිස්තාන කණ්ඩායම කඩුලු 4කින් අද ජයගත්තා.
තරඟයේ පළමු ව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 312 කට දැවිගියා. එහිදි ධනංජය ද සිල්වා ලකුණු 122ක් රැස්කලා.
පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 461ක් රැස්කළ අතර එහිදි ෂවුඩ් සකීල් මංගල ද්විත්ව ශතකය වාර්තා කළේ ශ්රී ලංකාවට එරෙහි වැඩිම ලකුණු රැස්කල පිතිකරුවා වෙමිනි.
අනතුරුව ශ්රී ලංකා දෙවන ඉනිම 279කට සීමා වු අතර එහිදි ද පිත්තෙන් දස්කමි දැක්වු ධනංජය ද සිල්වා ලකුණු 82ක් රැස්කළා.
ඒ අනුව ලකුණු 131ක ජයග්රහණයක් හබා ගිය පාකිස්තානය කඩුලු 06ක් පමණක් දැවි ලකුණු 133ක් ලබා ගනිමින් තරගය ජයගත්තා.
ඒ අනුව දෙරට අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය පාකිස්ථානය 1 ට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවන අතර දෙවන ටෙස්ට් තරගය ලබන 24 වනදා කොළඹ එස්.එස්.සි ක්රීඩාංගනයේදි ආරම්භ වනවා.

