ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව යළි ඉහළට

ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව යළි ඉහළට

දැනට නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි මාස 06 සඳහා ඉන්ධන ආනයනය සැලැස්ම සහ සැපයුම සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සමාලෝචනය කළ බවයි.

ඒවා ඇගයීමෙන් පසු ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ නංවන බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.