යුක්‍රේනය රුසියාවට එරෙහිව පොකුරු බෝම්බ භාවිතා කිරීම අරඹයි

යුක්‍රේනය රුසියාවට එරෙහිව පොකුරු බෝම්බ භාවිතා කිරීම අරඹයි

තමන් ලබාදුන් පොකුරු බෝම්බ යුක්රේනය විසින් රුසියානු හමුදාවට එරෙහිව භාවිත කරමින් සිටින බවට ධවල මන්දිරය තහවුරු කර තිබෙනවා.

අමෙරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රකාශක ජෝන් කර්බි කියා සිටියේ පොකුරු බෝම්බ රුසියානු ආරක්ෂක අංශ සහ මෙහෙයුම් සඳහා ඵලදායී ලෙස භාවිත කරන ලෙසට සිදුකළ යෝජනාවද යුක්රේනය පිළිගෙන ඇති බවටයි.

පුළුල් ප්‍රදේශයක දැඩි විනාශයක් සිදුකිරීම සහ සිවිල් වැසියන්ට තර්ජනයක් වීම හේතුවෙන් ලොව පුරා රටවල් 100කට වැඩි සංඛ්‍යාවක් පොකුරු බෝම්බ භාවිත කිරීම තහනම් කර තිබෙනවා.

https://tinyurl.com/mr2nw8nr

COMMENTS