අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹ – පුරහල ආසන්නයේදී පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා.
පාලි,සංස්කෘත,බෞද්ධ දර්ශනය ඇතුළු විෂයන් කප්පාදුව නතර කරන ලෙස ඉල්ලමින් සහ කැලණිය, පේරාදෙණිය විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම පුළුල් කරන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණය පැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.

