2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන නිළ තේමා පටය එළිදකී

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන නිළ තේමා පටය එළිදකී

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ නිළ තේමා පටය ඊයේ (20) රාත්‍රියේ එළිදක්වා තිබේ. ඒ, ලෝක කුසලානයේ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් ආරම්භ කරමිනි.

ඉන්දියාව මෙලෙස නිල ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත්තේ ලෝක කුසලානයට දින 77 ක් පමණක් තිබියදීයි.

ලෝක කුසලානයේ නිළ වීඩියෝව සඳහා ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ද රංගනයෙන් එක්ව සිටීම විශේෂත්වයක්. මීට අමතරව හිටපු සුපිරි ක්‍රීඩකයින් වන ජොන්ටි රෝඩ්ස්, ඉයන් මොර්ගන්, ජේ.පී.ඩුමිනි සහ දිනේෂ් කාර්තික් ද වීඩියෝවේ රංගනයෙන් දායක වනවා.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන ඔක්තෝම්බර් 05 වනදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි.

https://twitter.com/ICC/status/1681915591752384512?s=20