දුම්රිය රියදුරන් වර්ජනයක

දුම්රිය රියදුරු සංගමය විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලව තිබේ.
ඒ අනුව ඊයේ (23) රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කර ඇති අතර අද (24) දිනයේ උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර කිහිපයක්ද අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
දුම්රිය රියදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කර ගනිමින් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දුම්රිය රියදුරන් විසින් ආරම්භය කර ඇති බව වාර්තා වේ.
අද උදෑසන කාලයේ ද අවංලගු විය හැකි දුම්රිය සම්බන්ධයෙන් පැහැදිලි කරන නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා,
“අද උදෑසන ධාවනය කිරීමට නියමිත කාර්යාල දුම්රිය 11ක් පමණ අවලංගු වෙනවා. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 5ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය දෙකක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය දෙකක්, පුත්තලම් මාර්ගයේ එක් දුම්රියක්, උතුරු දුම්රිය මාර්ගයේ එක් දුම්රියක් ලෙස දුම්රිය අවලංගු වෙනවා.”

