දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වෘත්තීය සමිති විසින් දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා. ඒ අද පස්වරුවේ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඩී. එස් ගුණසිංහ අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.
නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරීමට එරෙහිව සහ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ සහ අද දිනයේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කර කෙරුණා.
මේ හේතුවෙන් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කෙරුණු අතර අද පස්වරුවේත් ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර 20 ක් පමණ අවලංගු කිරීමට සිදුවනු ඇති බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.

