ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවැනි ටෙස්ට් තරඟය ඉනිමක සහ ලකුණු 222කින් ජය ගැනීමට සංචාරක පාකිස්ථාන කණ්ඩායමට හැකිවුණා.
තරගය අද (27) දිනයේ කොළඹ SSC පිටියේදී පැවැත්වුණ අතර, තරගයේ සිව්වැනි දිනය වන අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්ථාන කණ්ඩායම කඩුලු 5ක් දැවී 576ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් සිය ඉනිම අත්හිටුවන්නට තීරණය කළා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 166ට පිළිතුරු ලෙසටයි.
එහිදි අබ්දුල්ලා ෂෆීක් ලකුණු 201ක් සහ අගා සල්මාන් නොදැවී ලකුණු 132ක් ලබා ගනිමින් පාකිස්ථාන ඉනිම සවිමත් කළා.
අසිත ප්‍රනාන්දු ලකුණු 133කට කඩුලු 3ක් සහ ප්‍රභාත් ජයසුරිය ලකුණු 194ක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගත්තා.
ඒ අනුව ලකුණු 410ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹුවේ දිමුත් කරුණාරත්න සමඟින් නිෂාන් මධුෂ්කයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළේ ලකුණු 166ක් පමණක් වන අතර, ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 410ක ඉලක්කයක් හිමි වුණා.
කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු සියල්ල දැවී ලකුණු 188ක් පමණයි.
මෙම ඉනිමේ දී නෝමන් අලී විසින් කඩුලු හතක් එක පිට දවා ගැනීමට සමත් වුණු අතර, ලකුණු 66ක් ඇතුළත කඩුලු 06ක් දවා ගනු ලැබුවා.
මේ අතර ජගත් ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පන්දු යවන්නන් අතර මුල් ස්ථාන 10 අතරට පැමිණෙන්නට ප්‍රභාත් ජයසූරියට හැකියාව ලැබී තිබෙනවා.
ඔහු ප්‍රසාද ලකුණු 781ක් සමගින් 7 වැනි ස්ථානයේ පසුවනවා.
මීට අමතරව දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 759ක් සමඟයි.

