ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – පස්දෙනෙකුට තුවාල

ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – පස්දෙනෙකුට තුවාල

හක්මන වළස්මුල්ල මාර්ගයේ දිගන වංගුව අසලදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පස්දෙනෙක් තුවාල ලැබුවා.

පාසල් සිසුන් දෙදෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ත්‍රීරෝද රථයේ රියදුරුයි මෙලෙස තුවාල ලබා ඇත්තේ.

තුවාල ලැබූවන් ගංගොඩගම රෝහලට ඇතුළත් කර සිටිනවා.

පාසල් ළමයින් දෙදෙනා රැගෙන හක්මන දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයේ රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවට පැමිණෙමින් තිබූ යතුරු පැදියක ගැටී ප්‍රපාතයට පෙරළී තිබෙනවා.

ප්‍රපාතය පහළින් තිබූ නිවසක මිදුලටයි ත්‍රීරෝද රථය වැටී ඇත්තේ.

ත්‍රීරෝද රථ රියදුරුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු මාතර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

COMMENTS