පාන් ගෙඩියෙන් ප්රංශය දිනූ ශ්රී ලාංකිකයා

ප්රංශ ජනතාව අතර ඉතා ජනප්රිය පාන් වර්ගයක් වන සාම්ප්රදායික බෙගැට් නිෂ්පාදනය කිරීමේ වාර්ෂික තරගාවලියෙන් ජය ලබා ගැනීමට ශ්රී ලාංකික පුද්ගලයෙකු සමත් වී තිබෙනවා.
මෙම ජයග්රහණය හිමි හිමි කර ගෙන ඇත්තේ 2009 වසරේ දී ශ්රී ලංකාවේ සිට ප්රංශයට සංක්රමණය වූ තර්ෂන් සෙල්වරාජා නැමැත්තෙක්.
කෙසේ වෙතත් මෙම ජය නිසාම ප්රංශ ජනාධිපති මන්දිරයට බෙගැට් පාන් සැපයීමේ කොන්ත්රාත්තු ඔහු හිමිකර කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ප්රංශය දිනූ මෙම දක්ෂ ලාංකික පුද්ගලයා අද (28) ලංකාවට පැමිණීමට නියමිතයි.

