නව පාසල් වාරය ඇරඹෙන දිනය ප්‍රකාශයට

2024 නව පාසල් වාරය පෙබරවාරි මස 21 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම හේතුවෙන් සිදුවූ ප්‍රමාදය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් කරමින් නව වසරේ පළමු පාසල් වාරය එදින ආරම්භ කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
එමෙන්ම 2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග 2024 වර්ෂය තුළදීම පවත්වා අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

