ආණ්ඩුවේ වහලුන්ට අස්වැසුමක් වුණාට මේක ඇස්බැන්දුමක්

ආණ්ඩුවේ වහලුන්ට අස්වැසුමක් වුණාට මේක ඇස්බැන්දුමක්

ආණ්ඩුවේ වහලුන්ට මෙය අස්වැසුමක් වුණාට මේක ඇත්තටම ඇස්බැන්දුමක් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (27) පොදුජන සමෘද්ධි වෘත්තීය සංගමය සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

අස්වැසුම විවාදයෙන්ම එය ‘අස්වැසුමක්’ ද ‘ඇස්බැන්දුමක්’ ද කියා ප්‍රකාශ කළේ තමා බවත්, එය ‘ඇස්බැන්දුමක්’ ලෙස දැන දැනත් රාජ්‍ය පාර්ශ්වයේ මැති ඇමැතිවරුන් එදින ඊට පක්ෂව අදහස් ප්‍රකාශ කළ බවත්, ඔවුන් තම දේශපාලන බලවතුන්ගේ විධානවලට අනුව වහලුන් එහෙයියන් අතකොලුවන් ලෙස එදින කටයුතු කළ බවත්, විපක්ෂ නායකවරයා පැවසීය.