පිච්ච මල් පූජාව සඳහා යන බැතිමතුන්ට විශේෂ දුම්රියක්

පිච්ච මල් පූජාව සඳහා යන බැතිමතුන්ට විශේෂ දුම්රියක්

අනුරාධපුර පිච්ච මල් පූජාව සඳහා ගමන් ගන්නා බැතිමතුන්ට විශේෂ දුම්රියක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද පෙරවරු 8.00 ට එම දුම්රිය අනුරාධපුරය දක්වා ධාවනය කරන අතර හෙට (30) දිනයේත්, පෙරවරු 9.30ට අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන බවයි වාර්තා වෙන්නේ.