සයිනොපෙක් දෙවන ඉන්ධන තොගයත් අද එයි

සිනොපෙක්හි දෙවන ඉන්ධන තොගය අද (02) දිවයිනට පැමිණෙන බව බලශක්ති ඇමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදා හැරීම ඊයේ (01) ආරම්භ කර තිබුණා.
නව සැපයුම්කරුවන් වෙළෙඳපොළට පැමිණීමත් සමඟ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා විදේශ විනිමය අවශ්‍යතා ලිහිල් වනු ඇති බවයි පැවසෙන්නේ,
මන්ද, සැපයුම්කරුවන් ලංකාවේ බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලින් තම මුදල් අවශ්‍යතා සපයා නොගෙන ඔවුන්ගේ රටෙන් මාස 12 ක මූල්‍ය පහසුකම් සහිතව නිෂ්පාදන ගෙන එන බවයි වාර්තා වන්නේ.

