තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට

සැප්තැම්බර් පළමු සතිය වන විට තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරිමට නියම්තයි.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර සිටියේ, මෙම වසරේ ගත වූ කාලය තුළ ඩොලර් මිලියන 45.4ක් විදේශ ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බවයි.

පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ ඇතැම් භාණ්ඩවලට ආනයන සීමා පැනවූ බව බවයි අමාත්‍යවරයා පැවසූවේ.

මේ අතර පසුගිය වසරේ අගෝස්තු 23 වැනිදා භාණ්ඩ 1,465ක ආනයනය සීමා කිරීමට රජය තීරණය කළ අතර ඉන් අනතුරුව පසුගිය දෙසැම්බර්, පෙබරවාරි සහ ජූනි මාසවලදී ඉන් භාණ්ඩ කොටසක ආනයන සීමා ඉවත් කෙරුණා.