විදුලි ගාස්තු සංශෝධනය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

විදුලි ගාස්තු සංශෝධනය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

අදාළ ට්විටර් පණිවුඩය හරහා අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ විදුලි ගාස්තු සංශෝධනය රජයේ ප්‍රතිපත්තියට අනුව පමණක් සිදුකෙරෙන බවය.

සෑම වසරකම ජනවාරි මාසයේදී සහ ජූලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනය කිරීම රජයේ ප්‍රතිපත්තියයි.