සමනලවැවෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

සමනලවැව ජලාශයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ, අද (07) පස්වරුවේ පැවති කැබිනට් හමුවේදී ය.
රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසුවේ, ජාතික විදුලි අවශ්‍යතායට විකල්ප විසඳුම් සොයමින් ජලය නිකුත් කිරීමට අනුමැතිය ලැබී ඇති බවයි.

