බස්-ත්‍රීවිල් අනතුරින් අයෙක් මරුට තුනකට තුවාල

බස්-ත්‍රීවිල් අනතුරින් අයෙක් මරුට තුනකට තුවාල

ඇඹිලිපිටිය, කුඹුගොඩආර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ලංගම බස් රථයක ගැටීමෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ ඇඹිලිපිටිය, මිද්දෙණිය පාරේ ගමන් කළ ත්‍රිරෝද රථය සහ ලංගම බස් රථය කුඹුගොඩආර ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන්.

අනතුරින් තුවාල ලැබූවන් ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් තිදෙනාම ත්‍රිරෝද රථයේ පැමිණි අය බවයි පොලිසිය පවසන්නේ.

ලංගම බස් රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

COMMENTS