ලෝක ආදිවාසී දිනය අදයි

ලෝක ආදිවාසී දිනය අදයි

ලෝක ආදිවාසීන්ගේ දිනය අදට (09) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ ස්වයං නිර්ණය සඳහා වෙනස් කිරීමේ නියෝජිතයන් ලෙස ආදිවාසී තරුණයන් යන්නයි.

දේශගුණික ක්‍රියාකාරකම්, යුක්තිය උදෙසා වූ උත්සහයන් ඇතුලු කටයුතුවලදී ඔවුන්ගෙන් ඉටුවිය යුතු කාර්යභාරය, යළි අවධාරණය කිරීම එහි අරමුණයි.

ලොව පුරා සිටින ආදිවාසීන්ගේ අයිතිවාසිකම් සුරැකීමත් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින ආදිවාසීන් නොනැසී පවත්වාගෙන යාමත් අරමුණු කරගෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1994 වසරේ පටන් සෑම වසරක ම මෙම දිනය සමරනු ලබයි.