සුඛෝපභෝගී වාහන 400ක් හොරට ලියාපදිංචි කරලා

තීරුබදු නොගෙවා ආනයනය කරන ලද සුඛෝපභෝගී වාහන 400 කට අධික ප්‍රමාණයක් ව්‍යාජ ලිපිලේඛණ සකසා මෙරට ලියාපදිංචි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණ වී තිබෙනවා.
ජාවාරම මෙහෙයවූ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ වනවිට අනාවරණ වී ඇති තොරතුරුවලට අනුව සුඛෝපභෝගී වාහන 423 ක් පිළිබඳව මේ වනවිටත් තොරතුරු හෙළිකරගෙන ඇති බවයි වළාන දූෂණ මර්දන ඒකකයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
සුඛෝපභෝගී මෝටර් රථයක ලියාපදිංචිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී මෙම මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියා සතුවද මෙලෙස ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ සුඛෝපභෝගී මෝටර් රථයක් තිබී සොයාගෙන තිබෙනවා.
මෙම ජාවාරමට සහය දැක්වූ තවත් පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි වළාන දූෂණ මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර හම්බන්තොට වරායේ ඇති ආනයනික මෝටර් රථ 3ක් නිදහස් කර දීම සඳහා මුදල් වංචා කළ සැකකරුවෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුද්ගලයින් 3 දෙනෙකුගෙන් එම කාර්යාංශය වෙත ලද පැමිණිලි 3ක් විමර්ශනයෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු 34 හැවිරිදි වියේ පසුවන රූපලාවන්‍ය ශිල්පියෙක් බව සඳහන්.
සැකකරු පැමිණිලිකරුවන්ගෙන් රුපියල් හැට දෙලක්ෂ 72,000ක පමණ මුදලක් ලබා ගෙන වංචාකර ඇති බව විමර්ශන වලදී හෙළිව තිබෙනවා.
තවත් පුද්ගලයන් මෙම වංචාවට හසුව ඇත්ද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

