පාස්කු ප්‍රහාර නඩුවේ සැකකරුවන් 24 දෙනෙකුට චෝදනා 23,270 ක්

පාස්කු ප්‍රහාර නඩුවේ සැකකරුවන් 24 දෙනෙකුට චෝදනා 23,270 ක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කුමන්ත්‍රණය කිරීම, ආධාර හා අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන්ට චෝදනා කියවා දීම කොළඹ මහාධිකරණය හමුවේ අවසන් කර තිබේ.

ඒ දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීයි

මෙම නඩුවේ විත්තිකරුවන් විසි හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 23270ක් ගොණුකර තිබිණි.

පුරා දින පහක් තිස්සේ සිදු කෙරුණු චෝදනා කියවා දීම ඊයේ (11) දින අවසන් කෙරුණු අතර, විභාගය සඳහා නඩු, ඔක්තෝබර් මස 10 වනදා කැඳවන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.

එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතා වෙත අධිකරණය විසින් සිතාසි ද නිකුත් කර තිබෙනවා.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270ක් යටතේ නවුෆර් මව්ලවි ,සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොණුකර තිබේ.

COMMENTS