IMF දෙවන වාරිකය ලැබෙන්නේ මෙහෙමයි

IMF දෙවන වාරිකය ලැබෙන්නේ මෙහෙමයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචන රැස්වීම සැප්තැම්බර් මස 11 වනදා සිට 19 වනදා දක්වා පැවැත්වෙන බවත්, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව ඉල්ලූ ණය මුදලේ දෙවන වාරිකය ලැබෙනු ඇති බවත් තමන් විශ්වාස කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අද අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

“IMF සමග සමාලෝචනයක් තිබෙනවා.. ප්‍රථම වතාවට සැප්තැම්බර් මාසයේදී. 11 පටන් අරගෙන 19 දක්වා දින 08ක්. මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, මුදල් අමාත්‍යතුමා සම්බන්ධ වෙලා කරන සමාලෝචනයක්.”

“අපි සාර්ථකව මේ වැඩසටහනට මුහුණදීලා තියෙනවා. IMF වැඩසටහනත් සමග අපිට පූර්ව එකඟතා 09ක් තිබුණා. කලින් සිදුකළ යුතු. ඒ සියල්ල ක්‍රියාත්මක කළා. මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න රජය කැපවුණා කියන කාරණය IMF දකිනවා.”

අපි මේ මූලික එකඟතා ඇති කරගත්තේ ඩොලර් බිලියන 2.9කට. 2027 වනතුරු වාරික 08කදී මේක ලැබෙන විදියට. දැන් අපි පළමු වාරිකය ගත්තා. දෙවන වාරිකය ඩොලර් මිලියන 350කට ආසන්න මුදලක්. මම විශ්වාස කරනවා සැප්තැම්බර් මාසයේ සමාලෝචනයෙන් පසු අපිට ඒක ලබාගන්න පුළුවන් කියලා.” යනුවෙන්