බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

ඇල්ල, හල්පේ ප්‍රදේශයේදී බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දී අද (12) සවස බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරකට ලක් ව තිබෙනවා.

එම අනතුරින් කාන්තාවන් 04 දෙනෙකු, අවුරුදු තුන හමාරක් වයසැති ගැහැණු දරුවෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුරට අදාල බස් රථ දෙකේ රියදුරන් අත්අඩංගුවට ගත් බවත්, අනතුර සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරන බවයි ඇල්ල පොලිසිය පවසන්නේ.