ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් තවත් ගැසට්ටුවක්

ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් තවත් ගැසට්ටුවක්

පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මෙම සතියේ බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අවධාරණය කරන්නේ, පොදු ප්‍රවාහණය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් මෙම ගැසට්ටුව හරහා ලිහිල් වන බවයි.