කළු මුහුදේ යාත්රා කරමින් තිබූ ප්රවාහන නෞකාවකට රුසියාවෙන් වෙඩි
කළු මුහුදේ යාත්රා කරමින් තිබූ භාණ්ඩ ප්රවාහන නෞකාවකට රුසියානු යුද නැවක් අනතුරු ඇඟවීමේ වෙඩි තැබීමක් සිකුකර තිබෙනවා.
පසුගිය මාසයේදී රුසියාව කළු මුහුද හරහා කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීමට ලබාදී තිබූ කාලය අවසන් වුණා.
එහිදී රුසියාව ප්රකාශ කළේ එම අවස්ථාවේ සිට කළු මුහුද හරහා යන සියලුම නෞකා ආයුධ ප්රවාහනය කරන බවට සළකන බවටයි.
ඉන් අනතුරුව රුසියාව නෞකාවකට වෙඩි තැබූ පළමු අවස්ථාවද මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම ප්රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ රුසියාව ප්රකාශ කළේ පලාවු ධජය සහිත සුක්රු ඔකාන් නෞකාවේ කපිතාන්වරයා ප්රතිචාර නොදැක්වීම හේතුවෙන් තම මුර සංචාර නෞකාවෙන් මෙම වෙඩි ප්රහාරය එල්ල කර ඇති බවටයි.
කෙසේ වෙතත් සුක්රු ඔකාන් නෞකාව දැනට බල්ගේරියාවේ වෙරළ ආසන්නයෙන් රුමේනියාවේ සුලිනා වරාය දෙසට ගමන් කරමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.