තිදෙනෙකුට මරු කැඳවූ මාන්කුලම් බිහිසුණු අනතුර (Photos)

ඒ 9 ප්රධාන මාර්ගයේ මාන්කුලම – පනිච්චන්කුලම ප්රදේශයේ අද (15) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 8 දෙනෙකු තුවාල ලැබුවා.
කොළඹ දෙස සිට යාපනය දෙසට ධාවනය වූ වෑන් රථයක් නවතා තිබූ ලොරි රථයක පසුපස ගැටී ඇති අතර එම ලොරි රථය ඉදිරියෙන් තිබූ තවත් ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෑන් රථය ගැටුණු ලොරි රථයේ රියදුරු, එහි සිටි තවත් පුදගලයෙකු සහ වෑන් රථයේ ඉදිරිපස ගමන් ගත් පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ.
මිය ගිය පුද්ගලයින් 38,46 හා 58 යන වයස් වල පසුවන මුල්ලේරියාව නව නගරය, වැල්ලම්පිටිය සහ යාපනය යන ප්රදේශ වල පදිංචිකරුවන්.
වෑන් රථය ගැටුණු ලොරි රථයේ රියදුරු අනතුර සිදුවන අවස්ථාවේ ඉන් බැස ලොරි රථයේ ඉදිරිපස රැදී සිට ඇති අතර ඔහු ලොරි රථ දෙක අතර සිරවීමෙනුයි මියගොස් ඇත්තේ.
තුවාල ලැබූවන් අතර ලොරි රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ වෑන් රථයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකුද වනවා.





