සැප්තැම්බර් 20 සිට අඩුවට ඉන්ධන?

සැප්තැම්බර් 20 සිට අඩුවට ඉන්ධන?

චීනයේ සයිනොපෙක් සමාගම සැප්තැම්බර් මාසයේදී මෙරට ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කරන බව වාර්තා වෙයි.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා ඇත්තේ එම සමාගම සැප්තැම්බර් 20 වනදා සිය මෙහෙයුම් ආරම්භ කරන බවය.

එසේම දැනට වෙළෙඳපොළේ ඉන්ධන අලෙවිකරන උපරිම මිලට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවිකිරීමට එම සමාගමට අවසර දී ඇති බවද අමත්‍යවරයා පවසයි.

ඒ අනුව, ඔවුන් සැප්තැම්බර් 20 වන දා වන විට පවතින උපරිම සිල්ලර මිලට වඩා අඩු මුදලකට ඉන්ධන අලෙවි කරනු ඇතැයි බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

“ආරම්භ කිරීමේදී ඔවුන් අපි දැන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා දීලා තියෙන උපරිම සිල්ලර මිලට අලෙවි කිරීමටත් ඒ වගේ ම ඔවුන් බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ ධාරිතාවයෙන් ඔවුන් කටයුතු කිරීමේදී ඔවුන්ට අඩු කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය අඩු කරලා, දැන් කාටවත් බැහැ අපේ දාලා තියෙන උපරිම සිල්ලර මිලෙන් ඉහළ විකුණන්න. ඕනෑ ම පාර්ශවයකට පුළුවන් සිනොපෙක් වෙන්න පුළුවන්, ලංකා අයිඕසී වෙන්න පුළුවන්, නැත්නම් සීපීසී වෙන්න පුළුවන්, ඒ තුනට ම පුළුවන් තමන්ට ඒ උපරිම සිල්ලර මිලට යටත්ව ඕනෑ ම පහළ අගයකට තමන්ගේ ඉන්ධන අලෙවි කරන්න.” යනුවෙන්

COMMENTS