ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසම් වෙයි

පෙර දැනුම් දීමකින් තොරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය , විදුලිබල මන්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුලු වෘත්තිකයින්ගෙන් වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සාකච්ඡාවක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඇතුල්වීමට උත්සාහා කිරීම නිසා උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය අසළට යාමට පෙර පොලීසිය හා හමුදාව අත්වැලක් යොදා පිරිස නැවතූ අතර පසුව අතිරේක ලේකම්වරයෙකු පැමිණ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු විසින් සාකච්ඡාවක් සඳහා වෙන දිනයක් ලබා දෙන බව පැවසූවත් ඔවුන් එය ප්‍රතිශේප කරමින් අද දිනයේම සකච්චාවක් ඉල්ලා තිබෙනවා.
පසුව එය නොලැබෙන බැවින් පිරිස විසිර ගොස් ඇති අතර විසිර යාමට පෙර ඔවුන් මාධ්‍ය වෙත පැවසූවේ නැවත පැමිණන බවයි.




