ඩ්‍රෝන යානාවක් කඩා වැටෙයි – ගොඩනැගිල්ලකටත් හානී
යුක්රේන ඩ්‍රෝන යානාවක් කඩා වැටීමෙන් රුසියාවේ මොස්කව් අගනුවර ගොඩනැගිල්ලකට හානි වී තිබෙනවා.
ප්‍රහාරයක් සඳහා පැමිණි මෙම ඩ්‍රෝන යානාව රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාරවලින් විනාශ වී ඇති අතර, එහි කොටසක් කඩාවැටීමෙනුයි නගර මධ්‍යයේ පිහිටි අදාළ ගොඩනැගිල්ලට හානිවී ඇත්තේ.
මේ අතර ඩෙන්මාර්කය සහ නෙදර්ලන්තයේ සිට එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා නියමුවන් පුහුණු කිරීමට ඇමරිකාවේ අනුමැතිය හිමිවී ඇති බවයි වාර්තා වන්නේ.
යුක්රේනයට සහයවීමේ අරමුණින් රටවල් 11 ක සන්ධානයක් මෙම නියමුවන් පුහුණු කිරීමට සැළසුම් කර තිබුණා.
රුසියානු ආක්‍රමණයේදී යුක්රේනයට සහය දෙන මිත්‍ර රටවල ප්‍රධානියා ලෙස ඇමරිකාව කටයුතු කරන අතර, ඒ හේතුවෙනුයි නියමුවන් පුහුණු කිරීමට ඇමරිකානු අනුමැතිය අවශ්‍ය වී තිබුණේ.