යළි සේවයට එන විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන්ට සියලු පහසුකම්

විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණෙන්නේ නම් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව රෝහල්වල නිල නිවාස නොමැති නම් කුලී පදනම මත ඔවුන්ට නිල නිවාස ද සපයා දීමට පියවර ගන්නා බවයි අද (18) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ.
කෙසේ වෙතත්, පසුගියදා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුරුගේ කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී මෙරට සේවය සඳහා විදේශ රටවලින් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්වීමට සිදුවනු ඇති බවයි.
එහෙත් එවැනි හැකියාවක් නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කළා.

